ඉතුරුම් ස්වර්ණාභිමානය සමගින් ජාතික ඉතිරිකිරිමේ බැංකව ජය ගමනේ

256

ශ‍්‍රී ලාංකීය ඉතුරුම්කරණයේ ප‍්‍රමුඛයා සහ අප රටේ විශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව තම සිය අභිමානවත් 50 වන සංවත්සරය සමරනු ලැබීය.

මෙලෙස දශක පහක් පුරා ශ‍්‍රී ලාංකීය ජනතාවට ආවේණික වූ ඉතිරිකීමේ හා සකසුරුවමෙහි මූලික ගුණාංගයන් හඳුනාගනිමින් ඊටනව ලොව තාක්‍ෂණය මුසු කර වඩාත් ආරක්‍ෂාකාරී හා ගුණාත්මයෙන් යුතු විධිමත් බැංකු සේවාවක් ලබාදීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව එදත් එදත් හෙටත් කැපවන බව මතක් කර දෙන්නේ ඉතා සතුටිනි.

ඉතුරුම් ස්වර්ණාභිමානය පනස් වසරකට සංක්‍ෂිප්ත කලද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතිහාසය ඉන් ඔබ්බට විහිඳේ. 1832 වසරේදී එවකට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ ශ‍්‍රීමත් රොබර්ට් විල්මොට් හෝටර්ටන් මහතා විසින් අප රටේ ජනයාගේ ඉතිකිරීම හා සකසුරුවමට ඇති කැමැත්ත, විධිමත් බැංකු පද්ධතියක් සමග එක් කිරීමේ අභිප‍්‍රායෙන් සිලෝන් ඉතුරුම් බැංකුව ආරම්භ කරනු ලැබීය. එමෙන්ම 1885 වසරේදී ශ‍්‍රීමත් පොන්නම්බලම් රමනාදන් මහතාගේ අදහසටක අනුව සිලෝන් තැපැල් ඉතුරුම් බැංකුව හා එහි සේවාවන් ආරම්භ කෙරිණි. ඉන්පසු 1938 වසරේදී තැපැල් දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානත්වයෙන් ඉතුරුම් සහතික අංශය පිහිටුවා එමගින් ඉතුරුම් සහිතක හරහා මුදල් ඉතිරි කිරීමට ජනතාව පොළඹවනු ලැබීය. ඉනික්බිතිම 1942 වසරේදී දෙවන ලෝක යුද්ධයත් සමග ඒ සඳහා අවශ්‍ය ණය ලබාදීම් කටයුතු වෙනුවෙන් සිලෝන් යුද පෙරමුණ පිහිටුවිණි. මෙකී සිව් ආයතන හා පෙරමුණු එක්කාසු කර 1972 මාර්තු 16 වැනිදා එවකම මුදල් අමාත්‍ය ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා 1971 අංක 30 දරන පාර්ලිමේන්තු පනතින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව ස්ථාපනය කෙරිණි.

සකලවිධ ශ‍්‍රී ලාංකිකයන්ගේ සියලූ මූල්‍ය අවශ්‍යතා සපුරාලනු වස් ජාතියට දායාදවූ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වසරින් වසර අභියෝග ජයගනිමින් සිය ගනුදෙනුකාර භවතුන් වෙත ඉහළ සේවයක් ලබාදෙමින් ශ‍්‍රී ලංකාව සිසාරා ඉතිරිකිරීමේ්්්් හා සකසුරුවමේ වැදගත්කම පහදා වටහා දෙමින් ජනතාවගේ ජීවත තත්ත්වය නගාසිටුවීමට දායක විණි. ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනයක් ලෙස ඇරැඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව වඩාත් ප‍්‍රචලිත වූයේ සමාජයේ ඕනෑම ස්ථරයක පුද්ගලයකුට මූල්‍ය සේවා ලබාගත හැකි ආයතනයක් ලෙසයි. ග‍්‍රාමීය මෙන්ම නාගරික ජනතාව වෙත ඉතිරි කිරීමේ හා සකසුරුවම්කමේ වටිනාකම ප‍්‍රායෝගික, ආර්ථවත් සහ නව ලොවට හැලපෙන ලෙස ඉදිරිපත් කිරීමට අප බැංකුව සමත්ව තිබේ.

අප ගනුදෙනුකරුවන්ගේ මුදල් ඉතිරි කිරීම් ඉතා සුරක්‍ෂිවත ආයෝජනය කර එහි ප‍්‍රතිලාභ ඔවුන්ට මෙන්ම පොදු මහජනතාවට ලබාදීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුඛ්‍ය පරමාර්ථයයි. මහජනතාවගේ මුදල්මය ඉතුරුම් රටක ආයෝජන සඳහා සෘජුවම දායකවන අතර එලෙස දේශීය ප‍්‍රභවයන් මගින් මෙම අවශ්‍යතාවන් සපුරා ගැනීමට හැකිවීම නිසා විදේශීය ණය ගැනීම් අඩුකර රටෙහි ආර්ථික සමෘධිය තහවුරු කිරීමට හැකිවන බව බැංකුවේ විශ්වාසයයි ගෝලීයකරණය සමග තොරතුරු තාක්‍ෂණය හා සබැඳි මූල්‍ය ක්‍ෂේත‍්‍රය දිනෙන් දින දියුණුවේ. එම නව ප‍්‍රවේශයන් සමග ලෝකයේ ඕනෑම ස්ථානයක සිටින ශී‍්‍ර ලාංකිකයකුට සිය මූල්‍ය ගනුදෙනු පහසුවෙන් ආරක්‍ෂාකාරීව කර ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව තුළින් ඔබට හැකිය.

ඡායාරූපය , සුජාතා ජයරත්ත

advertistmentadvertistment
advertistmentadvertistment