66 හැවිරිදි පුද්ගලයා ගේ ඇතුළේ කසිප්පු පෙරළා

39

බැරල් 10ක ගෝඩා, ගෑස් උඳුන් සහ ටැංකි සමග අත්අඩංගුවට

ගාල්ල බෝපෙ ප්‍රදේශයේ කසිප්පු පෙරන ලද නිවසක් වටලා ගෝඩා මිලිලීටර් ලක්ෂ අටක ප්‍රමාණයකින් යුත් බැරල් දහයක්, ගෑස් උදුන්, ගෑස් ටැංකි, දඟර ඇතුලු කසිප්පු පෙරීමට යොදා ගන්නා උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 66 හැවිරිදි නිවෙස් හිමියා සහ 36 හැවිරිදි අයෙකි. පොලිසියට ලැබුණ තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර නිවෙස් හිමියා සැකකාර ඔහුගේ මිතුරා සමග එක්ව ගෑස් උදුන් යොදාගෙන නිවස තුළ කසිප්පු පෙරා අලෙවි කර ඇති බවය.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, පොලිස් අධිකාරි සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ප්‍ර.පො.ප. ධම්මික නාගහවත්ත, සැරයන් බටුවත්ත (13215), පො.කො. වරුන් වන අසින්ත (85648), සාරංග (89418), පො.සැ.රි. නිරෝෂණ (34646) යන මහත්වරුන් විසින් වැටලීම සිදුකර ඇත. සැකකරුවන් ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment