යුක්රේන ආක‍්‍රමණයට 190,000ක දැවැන්ත සේනාවක්

905

රුසියානු ජනපති නියෝග කරයි  – බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කරයි

 යුක්රේනය ආක‍්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක‍්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක‍්‍රමණයට පෙර වහාම ක‍්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ.

යුක්රේන ආක‍්‍රමණයට 190,000ක දැවැන්ත සේනාවක්

ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම් සකස් කර අවසන් බවයි. මෙම දැවැන්ත ආක‍්‍රමණය සඳහා රුසියාව 190,000ක සේනාවක් සූදානම් කර තිබේ.

 ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පැවසූවේ ආක‍්‍රමණය ඉතා සමීප බවයි.

 කොයි මොහොතේ හෝ යුක්රේනයට බෝම්බ දැමීම සඳහා ප‍්‍රහාරක යානා සහ බෝම්බ යානා 500ක් ද රුසියාව සූදානම් කර ඇතැම් ඇමෙරිකානු බුද්ධි අංශ කියා සිටියි. මේ අතර රුසියානු යුද ටැංකියවල ඉසඞ් අකුර පින්තාරුකර ඇති අතර එම යුද ටැංකි යුක්රේනය දෙසට යන බවට හෙළි වී ඇත.

 මේ පසුබිම මැද රුසියානු ජනපති පුටින් පැවසුවේ යුක්රේනය ප‍්‍රකෝපකාරී ක‍්‍රියා සිදු කරන බවයි.

 මෙම තොරතුරු වාර්තා වීමත් සමගම නේටෝ සංවිධානය යුක්රේනයේ පිහිටි සිය කාර්යාලය වසා දමා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment