මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය ගණන දහස පනී

326

ඊයේ (08) රාත්‍රියේ මොරොක්කෝ රාජ්‍යයේ ඇතිවූ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන දහස ඉක්මවා ඇතැයි ද තුවාල ලැබූ ගණනද ඒ හා සමාන බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ වනවිට මළ සිරුරු 1037කක මළ සිරුරු හමුවී ඇත.එසේම තුවාල ලැබූ පුද්ගලයන් 1204 පිරිසක් හමුවී ඇත .මෙම භූ කම්පනය ඊයේ රාත්‍රී 11.10ට පමණ සිදුව තිබේ.මොරොක්කෝවේ කදුකර ප්‍රදේශයක මෙම භූ කම්පනය සිදුව ඇති නිසා සහන සේවකයින්ට එම ප්‍රදේශය වෙත යාමට දුෂ්කරතා පවතින බව ද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment