චැනල් ෆෝ චෝදනා වලට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

185

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය. වසර ගණනාවක් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් කරන ලද මෙම පරික්‍ෂණ තුලින් නිරන්තරයෙන් පෙන්වා දී ඇත්තේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් අයිඑස්අයිඑස් හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින් බවයි. කෙසේ වෙතත්, 2023 සැප්තැම්බර් 5 වැනිදා බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද නවතම වාර්තාවට ප්‍රතිචාර දැක්වීමට ආරක්‍ෂක අමාත්‍යාංශය කැප වි සිටින බවද ආරක්‍ෂක අමාත්‍යාංශය අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment