G-20 නවදිල්ලියේ දී ඇරඹේ

93

18 වැනි G-20 සමුළුව අද (09) ඉන්දියාවේ නව දිල්ලි අගනුවර දී ආරම්භ වේ.රාජ්‍ය නායකයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර G-20 සමුළුව දකුණු ආසියාතික රටක පැවැත්වෙන්නේ පළමු වරටයි.ඊට සමගාමී ව දිල්ලි අගනුවර විශේෂිත ආරක්ෂණ වැඩ පිළිවෙළක් ද යොදවා තිබේ.මේ අතර, සමුළුව ආරම්භයට පෙර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර විශේෂිත ද්විපාර්ශ්වික හමුවක් ද පැවැත්විණි. මෙම සමුළුවට චීන ජනාධිපති ෂි ජින් පින් මහතා සහභාගී වී නැත.රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් මහතා ද සහභාගී නොවන බව දැනුම් දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment