ඩයලොග්, ආසිආටා සමූහය සහ භාරතී එයාර්ටෙල් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට

185

ඩයලොග් ආසිආටා පී.එල්.සී (ඩයලොග්), ආසිආටා බර්හාඩ් සමූහය (“ආසිආටා”) සහ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් (භාරතී එයාර්ටෙල්) (සාමුහිකව ‘එම පාර්ශ්වයන්‘) ශ්‍රී ලංකාවේ සිය අනුබද්ධිත සමාගම්වල මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ මූලික එකඟතාවකට එළඹෙන ලදි.

එසේ ඒකාබද්ධවනු ලබන්නේ භාරතී එයාර්ටෙල් පූර්ණ හිමිකාරීත්වය දරන අනුබද්ධිත ආයතනයක් වන භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම සහ ආසිආටා බර්හාඩ් සමූහය අනුබද්ධිත සමාගමක් වන ඩයලොග් සමාගමයි.

යෝජිත ගනුදෙනුවට අනුව එයාර්ටෙල් ලංකාහී සාධාරණ වටිනාකමට අදාළව ඩයලොග්හී කොටස් ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් ලිමිටඩ් වෙත පිරිනැමෙනු ඇත. ඒ අනුව ගනුදෙනුව සම්පූර්ණ වීමෙන් පසු එයාර්ටෙල් වෙත ඩයලොග්හී නව කොටස් නිකුත් කෙරෙනු ඇත.

යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අදාළ නීති සහ රෙගුලාසිවලට අනුව මෙකී පාර්ශ්වයන් අතර සහ අදාළ නියාමන අධිකාරීන් අතර මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී. අදාළ නියාමනයන් සහ කොටස් හිමිකාරීත්වයේ අනුමැතීන් ඇතුළත්වන සේ යෝජිත ගනුදෙනුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට අත්සන් තැබීමට නියමිතය.

ඉදිරියේදී මෙයට අදාළව තවදුරටත් වර්ධනයක් සිදුවුවහොත් උක්ත පාර්ශ්වයන් එකතුවෙන් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment