සෙල්ලම් කරමින් සිටියදී අනාරක්‍ෂිත ළිඳට වැටුණු සිඟිත්තිය මරුට

163

වාරියපොල පොලිස් වසමේ බණ්ඩාර කොස්වත්ත පදිංචි පවුලක සිව් හැවිරිදි දැරියක් ළිඳක වැටී මියයෑමේ සිද්ධියක් වාරියපොල පොලිසියෙන් වාර්තා වෙයි. නිවසේ කුස්සිය අද්දර පිහිටි මෙම ළිඳේ බැම්මේ උස අඩි දෙකක් පමණ වන අතර දැරිය ඒ අසල පෙරේදා (26 දා) සෙල්ලම් කරමින් සිටිනු මව දැක ඇත. පැය කීපයකට පසු දැරිය පෙනෙන්නට නොසිටි නිසා මව ඒ ගැන සොයා බලද්දී දැරිය ළිඳේ පාවෙමින් සිටිනු දක්නට ලැබී ඇත. දරුවන් පිළිබඳව මව්පියන් සෙවිල්ලෙන් සිටියානම් මෙවැනි මරණයක් සිදු නොවන්නට තිබූ බව පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment