පාසලෙන් උ/පෙළ ලියන්න දෙන්න බෑ කී විට සිසුවිය බෙහෙත් තොගයක් බීලා

53

පාසල් පැමිණීමේ ප්‍රතිශතය අවම බැවින් අපොස උසස් පෙළ විභාගය සඳහා පාසලෙන් අයැදුම් කිරීමට අවස්ථාව ලබා නොදෙන බව පන්ති භාර ගුරුවරිය දැන්වීමෙන් පසු ඖෂධ පානය කළ දියණියක් සම්බන්ධයෙන් පන්විල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඇය නිවසේ තිබූ ඖෂධ අධි මාත්‍රාවක් පානය කර රෝගී වීමෙන් පන්විල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (27දා) පස්වරුවේ පේරාදෙණිය රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය පවසයි.

ඇය පන්විල නාරම්පනාවේ පදිංචිකාරියකි. මේ වන විට විදුහල්පතිනියගෙන් සහ පන්ති භාර ගුරුතුමියගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment