ගුත්තිල ලක්ෂ දෙකක් බලයි

147

පූජ්‍ය වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍ය කෘතිය ඇසුරින් සනත් අබේසේකර තිර රචනය කරමින් අධ්‍යක්ෂණය කළ ” ගුත්තිල ” සිනමා පටය ආරම්භක සියලු ම සිනමා ශාලාවන් හි අතිසාර්ථක 50 වැනි දිනය සම්පූර්ණ කරමින් දෙලක්ෂයකට අධික ප්‍රේක්ෂක පිරිසක් නරඹමින් හා ලක්ෂ 600ක් ඉක්මවා ගිය ආදායම් වාර්තාවක් තැබීමට ද සමත්ව ඇත.

මේ වනවිටත් විදේශ රටවල් කිහිපයකම “ ගුත්තිල” ප්‍රදර්ශනය වන අතර වෙනත් රටවල් කිහිපයකින් ඒ සඳහා ඇරයුම් ලැබී ඇති බව නිෂ්පාදක පාර්ශ්වය සඳහන් කරයි.

ප්‍රවීණ සංගීතවේදී ගායන ශිල්පි විශාරද එඩ්වඩ් ජයකොඩි ගුත්තිල ඇඳුරුගේ ප්‍රධාන භූමිකාවට පණපොවමින් සිනමාවට ප්‍රවිශ්ඨ වූයේ ද මෙම ” ගුත්තිල ” චිත්‍රපටය තුළිනි. තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුවෙන් හරේන් නාගොඩවිතාන සමගින් දිලිනි සිල්වා විසින් ගුත්තිල නිෂ්පාදනය කර ඇත.

● ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment