සුජය BOC රන් කැකුළු, කැන්ඩොස් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අද නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේදී

50

සුජය ශිෂ්‍යත්ව පුවත්පත මගින් සංවිධානය කරනු ලබන 2023 වර්ෂයේ විසිතුන්වැනි ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ජූලි 19 වැනි බදාදා (අද) දින නාවුල සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. අනාගතයට අධ්‍යාපනයෙන් පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට පුරෝගාමීව කටයුතු කරන උපාලි පුවත්පත් සමාගමේ සුජය ශිෂ්‍යත්ව පුවත්පතේ මෙම සත්කාරයට නාවුල අධ්‍යාපන කලාපයේ ආරාධිත පාසල් කිහිපයක සිසු සිසුවියන් සහභාගිවේ. ප්‍රාථමික අංශ භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඒ. ඩී. බණ්ඩාරනායක මහතාගේ අනුමැතියෙන් සහ නාවුල නාලන්දා සුදර්ශී ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති නිමල් කනහැරආරච්චි මහතාගේ මූලිකත්වයෙන් මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය පැවැත්වේ.

BOC රන් කැකුළු පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සහ සිලෝන් චොක්ලට් (KANDOS) සමාගමේ අනුග්‍රාහක දායකත්වයෙන් පැවැත්වෙන මෙම ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයේ දේශන මෙහෙයවීම කොළඹ ආනන්ද, ඉසිපතන, විශාකා විද්‍යාලවල හිටපු ආචාරිනි ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශිකා ගංගා සුභාෂිණී බ්‍රාහ්මණ ගුරුතුමිය විසින් සිදුකිරීමට නියමිතය. ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සමාගාමීව පැවැත්වෙන දෙමාපිය දැනුවත් කිරීමේ දේශනය ගුරු උපදේශිකා ප්‍රවීණ නාට්‍යවේදිනී ප්‍රියංවදා ගොඩගේ මහත්මිය විසින් මෙහෙයවනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment