සැක සහිත චැනල් 4 වාර්තාව පාස්කු වින්දිතයින්ට සාධාරණයක් නොවේ

143

ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි

චැනල් 4 විසින් නිකුත් කරන ලද සැක සහිත වාර්තා චිත්‍රපටය පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන්ට හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට කිසිදු සාධාරණයක් ඉටු නොකරන බව ඉන්දියන් ඩිෆෙන්ස් රිවීව් වෙබ් අඩවිය කියයි. Debunking Channel 4( How RAW and SIS) worked together to prevent Easter attacks in Sri Lanka මැයෙන් චැනල් 4 වාර්තාව ගැන එම වෙබ් අඩවියේ ලිපියක් පළ කර ඇත.

චැනල් 4 වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමික අන්තවාදයේ මතවාදයේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ නින්දිත උත්සාහයක් බව එම ලිපියේ සඳහන් වේ. මේ වැඩසටහන හරහා ඉන්දීය උප මහාද්වීපයේ ඉස්ලාමීය ජිහාඩ් ව්‍යාපාර හෙළිදරව් කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ඉන්දීය සහ ශ්‍රී ලංකා බුද්ධි අංශ දෙකෙහිම නිලධාරීන්ට අගෞරවයක් සිදුකර ඇති බවත් එහි සඳහන් කර තිබේ. එහි මෙසේ කියා ඇත. රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ බලයේ උච්චතම අවස්ථාවේ දූෂණයෙන් පිරුණු ඔවුන්ගේ ඥාති සංග්‍රහ ප්‍රතිපත්ති විවේචනය කිරීම සත්‍ය විය හැකි නමුත්, රාජපක්ෂ පාස්කු ප්‍රහාරයේ කොටසක් ලෙස හුවා දක්වන චැනල් 4 වාර්තා චිත්‍රපටය ඉස්ලාමික රාජ්‍ය සංවිධානයේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ නින්දිත උත්සාහයකි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment