අවුරුද්දට නෑගම් ගිය ත්‍රිරෝද රථය ගිනිගෙන අළු වෙයි

27

හතර දෙනෙක් රථයෙන් පැන දිවි ගලවා ගනිති

අලුත් අවුරුදු උදාවීමත් සමගින් රාගම සිට අගලවත්ත ප්‍රදේශයට නෑගම් යමින් සිටි පිරිසක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි. අප්‍රේල් 14 දා පස්වරුවේ රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් මෙසේ
ගිනිගෙන දැවී ඇති බව සඳහන් වේ.

සිව්දෙනකු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටියදී කළුතර කටුකුරුන්ද හන්දියේදී හදිසියේ ත්‍රිරෝද රථය ගිනිගෙන ඇති අතර, එහි සිටි හතර දෙනෙක් පිටතට පැන දිවි ගලවාගෙන තිබේ. කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ගිනි නිවන රථයක් සමගින් ගිනි භටයන් සිව්දෙනකු සහභාගි වී ඇතත් ඒ වනවිටත් රථය මුළුමනින්ම දැවී තිබූ බව පොලිසිය පවසයි. රථයේ කාර්මික දෝෂයක් ගින්නට හේතු වන්නට ඇති බවට සැකකරන බවත් කිසිවෙකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය පවසයි. මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment