වන රජදහනේ වැදි බිසව් නික්ම යයි

541

ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන හීන් මැණිකේ පෙරේදා 7දා රාත‍්‍රියේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගියාය.

වන රජදහනේ  වැදි බිසව් නික්ම යයි
හීං මැණිකේ අවසන් දළඳා මීපැණි පූජාවට එක්ව සිටි අයුරු

ඇය කොවිඞ් වෛරසය ආසාදිතව මහියංගනය රෝහලට ඇතුළත් කොට සිටියදී හුස්ම ගැනීමේ අපහසුතාව වැඩි වීම මත ඉකුත් දා වැඩි දුර ප‍්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරු කර යවා තිබේ.

වන රජදහනේ  වැදි බිසව් නික්ම යයි

දරුවන් නව දෙනකුගේ මවක් වන හීන් මැණිකේ මාතාව මියයන විට වයස අවුරුදු හැට හතර සපුරා සිටියාය. මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර ආරම්භ දින මී පැණි පූජාව සඳහා ද ඇය සහභාගී වූ සිටියාය.

වන රජදහනේ  වැදි බිසව් නික්ම යයි

මේ වන විට වන්නිල ඇත්තන් ද කොවිඞ් ආසාදිතව මහියංගනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බැවින් හීං මැණිකේ මාතාවගේ දේහය භාර ගැනීමට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව කැටුව ආවේය.

වන රජදහනේ  වැදි බිසව් නික්ම යයි

හීං මැණිකේ මාතාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහියංගනය ප‍්‍රාදේශීය සභා ආදාහනාගාරයේදී අද (6දා) සවස 3ට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු කිරීමට නියමිතය.

 ආදීවාසී ගම්මානයේ සිදුකරනු ලැබූ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ආදිවාසී ගම්මානයේ කොරෝනා ආසාදිතයන් 44 ක් සෞඛ්‍ය අංශ විසින් හඳුනාගනු ලැබූ අතර එ් අතරට ආදිවාසී නායකගේ බිරිඳ හීන් මැණිකා මාතාව හා පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුද ඇතුළත් වූහ.

 සත්වයන් හට මහත් කරුණාවක් දැක්වූ ඇයගේ මුළුතැන් ගෙයි සතුන් වෙනුවෙන් වෙනම ආහාර හට්ටියක් පිළියෙළ කළ අතර විවිධ වූ පීඩාවන්ට ලක්වූ සතුන් නිවසට රැුගෙන විත් ඇති දැඩි කිරීමේ ආශාවක් දැක්වූ කාන්තාවක්ද වන අතර චාම් ගති ගුණයෙන් පිරි ආගම දහමට ලැදි කාන්තාවක්ද වූහ.

 සමන්තී වීරසේකර,  මහියංගනය රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment