2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල පාලිත ජයකොඩි යගුලිය දැමීමේ ඉසව්වේ පස්වැනි තැනට

378

2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී මෙවර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අවසන් කී‍්‍රඩකයා බවට පත්වෙමින් පාලිත ජයකොඩි පෙරේදා (04 වැනිදා* එෆ්42 කාණ්ඩයෙන් යගුලිය විසිකිරීමේ ඉසව්වට සහභාගි විය. එ් අනුව එහිදී එම ඉසව්වේ පස්වැනි ස්ථානය දිනා ගනිමින් කී‍්‍රඩා උළෙල නිමා කිරීමට පාලිත ජයකොඩිට අවස්ථාව උදාවිය.

සිය පළමු වැනි උත්සාහයේදී මීටර් 12.67ක දුරක් වාර්තා කිරීමට පාලිත සමත් වූ අතර දෙවැනි අවස්ථාවේදී එය තවත් වැඩි දියුණු කරගනිමින් මීටර් 13.08ක දුරක් වාර්තා කිරීමට පාලිත සමත්විය. අනතුරුව කි‍්‍රයාත්මක වූ සිය තෙවැනි අවස්ථාවේදී මීටර් 13.30ක්, සිව්වැනි අවස්ථාවේදී මීටර් 13.40ක් සහ පස්වැනි අවස්ථාවේසදී මීටර් 13.30ක දුරක් වාර්තා කිරීමට පාලිත ජයකොඩි සමත්විය. කෙසේ වෙතත් සිය අවසන් උත්සාහය වන හය වැනි අවස්ථාවේදී ඔහු වාර්තා කළ දුර මීටර් 12.26ක් ලෙසින් සටහන් විය. එ් අනුව අවස්ථා හයේදීම වාර්තා කළ හොඳම දුර ලෙසින් සටහන් වූ 13.40ක දුර වෙනුවෙන් එම ඉසව්වේ 05 වැනි ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට පාලිත ජයකොඩි සමත්විය.

එම ඉසව්වේ රන් පදක්කම මහා බි‍්‍රතාන්‍ය කී‍්‍රඩක අලීඞ් ඬේවිස් සතු වූ අතර ඔහු වර්තා කළ දුර මීටර් 15.33ක් ලෙසින් සටහන් විය. රීදි පදක්කම ඉරාන කී‍්‍රඩක සජාඞ් මොහොමඞීන් දිනාගත් අතර ඔහු වාර්තා කළ දුර මීටර් 14.88කි.

පැරාලිම්පික් කී‍්‍රඩා උළෙල සඳහා මෙවර ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 09 දෙනකු තරග වැදිණි. එහිදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් පි‍්‍රයන්ත සමත් වූ අතර එම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමිත දුලාන් සමත් විය.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment