හම්බන්තොට භෞත චිකිත්සකයකු අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක

129

හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාමය, සූරියවැව ඇතුළු අවට ප්‍රදේශ රැසකට අයිස් මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වු හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සක වරෙයකු (අතුරු වෛද්‍ය) අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 500ක් සමග තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධණ ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (05) රාත්‍රී හම්බන්තොටදි අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ භෞත චිකිත්සකවරයෙකු ලෙස සේවය කල 40 හැවිරිදි එක් දරු පියෙකි. සැකකරු සූරියවැව පොල පහළ පදිංචි කරුවෙකු වේ.

කලක සිට සැකකරු හම්බන්තොට ප්‍රදේශයේ තාවකාලික පදිංචියේ සිටිමින් මෙම ජාවාරම කරගෙන ගොස් ඇත. හම්බන්තොට සාමෝදාගම ප්‍රදේශයේ අයිස් මත් ද්‍රව්‍ය අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ දූෂණ මර්ධණ ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment