ශ්‍රීලනිපයට පිරිමි නායකත්වයක් ඕනෑ යැයි ඇමැති නිමල් සිරිපාල කියයි

442

ලෝකයේ කිසිදු රටක මේ වනවිට වමේ දේශපාලනයක් නොමැති බවත් එය හුදෙක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී අද පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වැනි ජන්ම දින සංවත්සර උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද කීවේය.

,කිරි හට්ටියට දෙන මුදල්වලට සංවිධායකකම දුන්නේ නෑ. ශක්තිමත් සංවිධායකයෝ හෙව්වා. පාරේ ගියපු රස්තියාදුකාරයෝ අරගෙන සංවිධායකකම දුන්නේ නෑ. එහෙමයි එතුමිය පක්ෂය ආරක්ෂා කළේ. එතුමිය ගැහැණියකට වඩා පිරිමියෙක් වගේ. අන්න ඒ වගේ පිරිමි නායකත්වයක් අපිට අවශ්‍යයි. උදේ නැගිටිනකොට අපේ සංවිධායකකම් ඉවත්කරලා නෑ කවදාවත්. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා.

advertistmentadvertistment
advertistmentadvertistment