වේත්‍රධාරි සේවයට සමුදෙයි

265

දැනට පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා දශක හතරක සේවා කාලයකින් පසුව අනිද්දා (30 දා) විශ්‍රාම යෑමට නියමිතව ඇත.

පැරණි සහ නව පාර්ලිමේන්තු දෙකෙහිම සේවය කර ඇති ඒ මහතා වේත්‍රධාරි ධුරයෙහි වසර පහමාරක පමණ කාලයක් කටයුතු කළේය. ඒ මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ එම ක්‍රියා මාර්ග ආරක්ෂා කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළේය. වේත්‍රධාරි ධුරය සහ එහි කාර්ය භාරය සම්බන්ධයෙන් ජනතාව ද දැනුවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරූ ඒ මහතා පාර්ලිමේන්තුව ආවරණය කරන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවේදීන්ගේ මිතුරෙක් ද විය.

නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව එම තනතුරට නියෝජ්‍ය වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතා පත්වීමට නියමිතව ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment