‘අපේ ප්‍රින්සිපල්’ ගේ යමුනා ටීචර් – ඉරානි ළඟදීම එනවා

156

2011 වසරේ රූපවාහිනී අවුරුදු කුමරිය විදිහට කිරුළු පළඳින්නෙ ජයනි වීරසිංහ. එතැනින් පටන්ගන්නා ඇයගේ කලා ජීවිතය අද දක්වා ගලාගෙන එනව. ‘අපේ ප්‍රින්සිපල්. සිනමා නිර්මාණයේ යමුනා වෙන්නෙත් ඇය. ජයනිගෙ අලුත්ම විස්තරය මේ සංවාදයෙන් විමසා බලන්න.

● ‘අපේ ප්‍රින්සිපල්. හි යමුනා ටීචර්ට ලැබෙන්නෙ මොන වගේ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක්ද?

‘අපේ ප්‍රින්සිපල්. කියන්නෙ ගොඩක් වටින සිනමා නිර්මාණයක්. ඇත්තටම කියන්න සතුටුයි” යමුනා ටීචර්ට ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

‘අපේ ප්‍රින්සිපල්' ගේ යමුනා ටීචර් - ඉරානි ළඟදීම එනවා

● ‘අපේ ප්‍රින්සිපල්. ඔබට මුණගැහෙන්නෙ කොහේදීද?

මේ චරිතයට මට කතාකරන්නෙ ලලිත් අනුර රාජපක්‍ෂ අයියා. මගේ වෘත්තියත් එක්ක චරිතයක් භාරගන්නකොට පරිස්සම් වෙන්න ඕන. ඔහු කිව්වා මේක දරුවන්ට වැදගත් වෙන දෙයක් කියල. ඒ නිසා කැමැත්තෙන්ම චරිතය භාර ගත්තා.

● මේ වගේ ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වුණාද?

ජනප්‍රියත්වය කියන දේ ගැන ලොකු අදහසක් තිබුණෙ නැහැ. ඇත්තම කිව්වොත් මම හිතුවෙ නැහැ මේ චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත කරාවි කියල. නමුත් මේ වන විට සිනමා ශාලා විශාල ප්‍රමාණයක චිත්‍රපටය තිරගත වෙනව. ඒ සමගම මගේ කලා ජීවිතයේත් ලොකු වෙනසක් සිදුවෙනව.

● මේ ඔබේ පළමු රංගනයද?

නැහැ. මම පළමුවෙන්ම රංගනයට එකතු වුණේ ජෙගන් සුබ්‍රමනියම් කියන අධ්‍යක්‍ෂවරයා යටතේ ‘ඉරානි. කියන ඉන්දියානු සිනමා නිර්මාණයකට. ඒක මේ අවුරුද්ද ඇතුළත තිරගත වෙයි.

‘අපේ ප්‍රින්සිපල්' ගේ යමුනා ටීචර් - ඉරානි ළඟදීම එනවා

● කොහොමද මේ ආරාධනය එන්නෙ?

ඒක හරි අහම්බයකින් සිද්ධ වුණ දෙයක්. මම ‘අහිමි. කියල ටෙලි නාට්‍යයක වැඩ කළා. ඒක අධ්‍යක්‍ෂණය කළ තුෂාර අයිය තමයි මුලින්ම මේ ආරාධනය කරන්නෙ. ඒ මට නෙමෙයි” මගේ පුතාට. පුතාගෙ ෆොටෝස් එක්ක මගේ ෆොටෝත් එවන්න කියල” ඔහු මං ගැනත් විස්තර අහල මේ චිත්‍රපටය ගැන කියනව. මුලදි ඉන්දියන් නිළියක්ව තමයි ඔවුන් තෝරාගෙන තියෙන්නෙ. ඉන් පස්සෙ ජෙගන් මහත්මයා මගේ ෆොටෝස් බලල” අපේ ශ්‍රී දේවිගෙ ලුක් එක තියෙනවනෙ කියල ජයනිව ගමු කියල ජෝජනා කරල. කොහොම හරි අවසානයේ පුතාට එකට සම්බන්ධ වෙන්න ලැබුණෙ නැහැ.

● ඔබ වෘත්තියෙන් ගුරුවරියක්?

ඔව්” මම කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ගුරුවරියක්. මගේ විෂය වෙන්නෙ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයය. මම නෙට්බෝල් ක්‍රිඩිකාවක්. නමුත් මට භාරදීලා තියෙන්නෙ බොක්සින් ක්‍රීඩාව. ඒ දරුවො ටික හොඳ තැනකට ගෙනියන එක තමයි මගේ අරමුණ.

‘අපේ ප්‍රින්සිපල්' ගේ යමුනා ටීචර් - ඉරානි ළඟදීම එනවා

ගුරුවරියක් වුණ ඔබ රඟපෑමට යොමුවෙන්නෙ කොහොමද?

2011 කියන්නෙ මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය සිදු වුණ වසර. ඒ අවුරුද්දෙ මම රූපවාහිනී අවුරුදු කුමරිය විදිහට කිරුළු පළඳිනව. කලා ක්‍ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව උදාවෙන්නෙ මේ ජයග්‍රහණයත් එක්ක. මගේ විවාහය වගේම රැකියාව ලැබෙන්නෙත් 2011 වසරේ.

ඔබේ කැමැත්ත ජාත්‍යන්තර සිනමාවටද?

මම හැමදාම විශ්වාස කරන දෙයක් තමයි යම් කෙනකුගෙ ජීවිතයට හැකියාවයි” දක්‍ෂතාවයි” වාසනාවයි එකතු වුණොත් ඒ කෙනාගෙ ගමන නවත්තන්න බැහැ. රංගනය කියන්නෙ මම හරිම ආස විෂයයක්. ගුරු වෘත්තිය කියන්නෙ මම ආසාවෙන් කළ දෙයක් නෙමෙයි. මේක මගේ තාත්තගෙ කැමැත්ත. විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලබද්දි තාත්තා මට කියන්නෙ විද්‍යාපීඨ යන්න කියල. ඒ අවුරුදු තුනම මම ගෙවන්නෙ අකමැත්තෙන්. මුල්ම පත්වීම මට ලැබෙන්නෙ ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයට. මම ගාල්ලෙ යන්නෙ ලිලන්ත කුමාරසිරි අධ්‍යක්‍ෂණය කළ ‘මුතු පිහාටු. කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙලා. මට ලැබුණෙ නිල් සුරංගනාවි කියන චරිතය. පත්වීම භාරගන්න පාසලට යනකොට පුංචි ළමයි” නිල් සුරංගනාවි ඇවිල්ලා කියල තමයි මාව පිළිගත්තෙ. දැන් මට දැනෙනව ගුරුවරියක් වීම කියන්නෙ හරි අමුතු දෙයක්. අද වෙනකොට මම ඒ වෘත්තියට ආදරය කරනව.

● අලුත් ආරාධනා?

චිත්‍රපටයකට ලැබුණ ආරාධනයක් ප්‍රතික්‍ෂේප කරන්න සිදු වුණා කොස්ටියුම්වල ප්‍රශ්ණයක් නිසා. වෙළෙඳ දැන්වීම් කිහිපයක රූගත කිරීම් ඉදිරියේදී රූගත කිරීමට නියමිතව තියෙනව.

● වෙළෙඳ දැන්වීමවලට වැඩි ඉඩක් දීලද?

වෙළෙඳ දැන්වීම්වලට වැඩි ඉඩක් දීලා තියෙන්නෙ උදේ ගිහින් හවස එන්න පුළුවන් නිසා. මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. එයාලත් එක්ක සහ මගේ රැකියාවත් එක්ක හැමදේම කළමනාකරණය කරගන්නත් ඕනනෙ.

● කලාවට සැමියාගෙන් බාධාවක් නැතිද?

මුලදි පොඩි අකමැත්තක් තිබුණා. නමුත් කාලයත් එක්ක ඔහුට මගේ කැමැත්ත” ආසාව තේරුම් ගන්න පුළුවන් වුණා.

● ජනප්‍රියත්වය ගැන ඔබේ අදහස?

මම හිතන්නෙ ජනප්‍රියත්වය කියන්නෙ හරිම තාවකාලික දෙයක් කියල. හතු පිපෙන්නා වගේ නළු නිළියන් බිහිවෙනව. අද මම ජනප්‍රිය වුණත් හෙට එළිවෙනකොට තව කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මම කැමති නැහැ මගේ ජනප්‍රියත්වය වෙනුවෙන් වටිනාකියන කිසිම දෙයක් කැප කරන්න.

● පාසලේ දරුවන්ගෙ ප්‍රතිචාරය කොහොමද?

මම තර්ස්ටන් විද්‍යාලයට යන අලුතම මම පෙනීසිටි හඳුන්කූරු දැන්වීමක් ප්‍රචාරය වුණා. ඉතිං මාව දකිනකොට දරුවො කිව්වෙ අම්රිතා මැඩම් එනව කියල. අදටත් මට පොත් පෙන්නල අත්සන ගන්න දරුවො හරිම ආසයි.

● පූර්ණකාලීනව රංගනයට එන්න අදහසක් තියෙනවද?

2021 වසරේදි මම මිසිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වෙනව. එතනදි කැරලයින් ජූරි මට කියනව ජයනි” ඔයාගෙ රූපෙත් එක්ක අවුරුදු හතරකට පහකට නිවාඩු දාලා මේ ෆීල්ඩ් එකේ වැඩක් කරලා ආපහු ජොබ් එකට යන්න පුළුවන්නෙ කියල. නමුත් මට එහෙම ආසාවක් වුවමනාවක් නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment