බස්නාහිරට, සබරගමුවට තද වැසි

244

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (26) දිනයේ මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස වැසි පවතින බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment