පාන් – 20 කින් බනිස් – 10 කින් නගී

81

ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල ඊයේ (12 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 20 කින්ද, බනිස් ඇතුළු කෙටි කෑම රුපියල් 10 කින්ද ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා “දිවයින”ට පැවසීය.

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 34 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද හෙතෙම කීය.

ඒ අනුව තිරිඟුපිටි කිලෝවක මිල රුපියල් 300 ඉක්මවා ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

ගතවූ මාස 6 තුළ පිටි මිල සියයට 400 කින් ඉහළ දමා ඇති බවත්, මෙය බේකරි කර්මාන්තයට දරාගත නොහැකි බවත් කියා සිටි ඒ මහතා ඉන්ධන අර්බුදය නිසා ද එක් පැත්තකින් බැටකන බවත් මේ තත්ත්වය තුළ බේකරි කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්ව ඇති බවත් කියා සිටියේය.

මේ වනවිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 170 ට 180 ට අලෙවි වන බවත් මෙම වැඩිවීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවත් හෙතෙම වැඩිදුටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment