ටෙලිකොම් – රක්‍ෂණ සංස්ථාව විකුණනවාට පොහොට්ටුව එකඟ නෑ – ගාමිණී ලොකුගේ

64

ලාබ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සහ බැංකු පුද්ගලිකරණය කිරීමට පක්‍ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකඟ විය නොහැකි බව එම පක්‍ෂයේ වෘත්තීය සමිති නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා ඊයේ (29දා) එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

දැනටමත් පුද්ගලික අංශයට කොටස් ලබාදී තිබෙන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යළිත් පුද්ගලිකරණය කරන්නේ ඇයි ද යන්න ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා පැවසීය. අවශ්‍ය නම් එම ආයතනයේ තවත් කොටස් වෙළෙඳපොළට දැමීම ගැටලුවක් නොවූවත් දේශීය සම්පත් විදේශිකයන්ට ලබාදීම ගැටලුවක් බවත් පැවසීය. අතීතයේදී ස්කාගාර සංස්ථාව, මිල්කෝ ආයතනය දේශීය ආයෝජකයන්ට ලබාදුන් ආකාරයට අවශ්‍ය නම් දේශීය සම්පත් දේශීය ආයෝජකයන්ට ලබාදිය හැකි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී තවදුරටත් අදහස් ප්‍රකාශ කළ ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ එම ආයතනවල සේවකයන්ගේ අයිතීන් ආරක්‍ෂා විය යුතු බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment