ශ්‍රී ලාංකික පිරිසක් අතුරුදන්වීම 2019 සිද්ධියක් – විදේශ ඇමැති අලි සබ්රි

216

නවසීලන්තය දක්වා සංක්‍රමණය වීමේදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් අතුරුදන් වූ බව කියන සිද්ධියක් පිළිබඳව අලුතෙන් කිසිවක් වාර්තා වී නැති බවත් 2019 දී වී ඇතැයි කියන එවැනි සිද්ධියක් සම්බන්ධව සොයා බලන ලෙස තමා අදාළ අංශවලට උපදෙස් දුන් බවත් විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ‘දිවයින’ට ඊයේ (9 දා) පැවසීය.

නවසීලන්ත ගුවන්විදුලි වැඩසටහනකදී හෙළිවී ඇති එම අනාවරණය පැරණි සිද්ධිය අලුතින් මතුවීමක් බවට තමාට කරුණු සැලවී ඇති බවත්, එවැනි අලුත් සිදුවීමක් සිදුවී ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඇමැතිවරයා කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment