ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තු බහුතරයෙන් සම්මත කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

35

2 – 3 – 7 වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නෑ

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ‘ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)’ නමැති පනත් කෙටුම්පත සලකා බැලීමේදී, එහි 2, 3 සහ 7 වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම වගන්ති දැනට පවතින ආකාරයට සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණක් සම්මත කරනු ලැබිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයා පැවසීය.

කෙසේ වෙතත්, නීතිපතිවරයා විසින් යෝජනා කරන ලද, ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සඳහන් සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම්, ඉහතින් සඳහන් කරන ලද වගන්තිවල අනනුකූලතාව ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment