මගුල් ගෙදර ආ ව්‍යාපාරිකයා මාංචූ දමා පැහැරගෙන සුද්දය දීලා….

477

* බම්බලපිටියේදී ඊයේ උදේ ඔහුගේ රථයෙන් රැගෙන ගිහින්

* ලක්‍ෂ 5ක රන් ආභරණ සහ ්ඔඵ සල්ලිත් බලෙන් අරගෙන


බම්බලපිටිය ලෝරන්ස් මාවතේ උත්සව ශාලාවක් අසල රථ ගාලේදී ඊයේ (9දා) නාඳුනන පුද්ගලයකු මෝටර් රථයකින් පැමිණ සිටි ව්‍යාපාරිකයකු අත්මාංචු දමා ඔහු පදවාගෙන පැමිණි මෝටර් රථයෙන්ම පැහැරගෙන ගොස් පැළඳ සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා රන් භාණ්ඩ සහ රුපියල් 30,000 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

තිඹිරිගස්යාය ප‍්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිඳ සමග උත්සව ශාලාවේ පැවැති මංගල උත්සවයකට සහභාගි වීමට පැමිණ බිරිඳ උත්සව ශාලාව තුළට ගමන් කිරීමෙන් අනතුරුව මෝටර් රථය රථ ගාලේ නැවතීම සඳහා නවතා තිබූ බස්රථ දෙකක් අතරින් පසුපසට ගැනීමේදී ඔහු අසලට සුදු පාටට හුරු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳ පැමිණි පුද්ගලයකු තමන් පොලිසියෙන් යැයි පවසා ඔහුට අත්මාංචු දමා එම මෝටර් රථයේ පිටුපස අසුනට දමා ඔහු සමගම මෝටර් රථය රැුගෙන පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

මගුල් ගෙදර ආ ව්‍යාපාරිකයා මාංචූ දමා පැහැරගෙන සුද්දය දීලා....

මඳ දුරක් මෝටර් රථය ගමන් කිරීමේදී ඔහුගේ අතේ පැළඳ තිබූ රන්මුදු දෙකක් සහ අත්පළඳනාවක් පැහැරගත් එම පුද්ගලයා රන් භාණ්ඩ බර නැති බවත් ඔහුගේ බිරිඳ මෙම ස්ථානයට ගෙන්වන ලෙසත් පවසා තර්ජනය කර තිබූ බවද පොලිසිය කියයි. එහිදී තැනට සුදුසු නුවණ පාවිච්චි කළ එම පුද්ගලයා දෙමළ බසින් සිය බිරිඳ අමතා ඔහු පත්ව ඇති කරදරය පවසා ඇති අතර ඇයට උත්සව ශාලාවෙන් පිටතට නොඑන ලෙස දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

රුපියල් තිස් දහසක මුදලක්ද ඉල්ලා නාඳුනන පුද්ගලයාගේ තර්ජන හමුවේ දැඩි භීතියට පත්ව සිටි මෙම පුද්ගලයා බැංකු කාඞ් පතකින් එය රැුගෙන ලබා දිය හැකි බව පැවසීමෙන් අනතුරුව එම පුද්ගලයා පෞද්ගලික බැංකුවක් අසල මෝටර් රථය නවතා පසුපස අසුනේ සිටි එම පුද්ගලයාගේ අත්මාංචු ගැලවීමෙන් අනතුරුව ඔහු ඒටීඑම් යන්ත‍්‍රයට ගොස් රුපියල් තිස් දහසක මුදලක් ලබා ගෙන එම පුද්ගලයා අතට ලබා දී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.

එම පුද්ගලයාගේ බිරිඳ මංගල උත්සවයට සහභාගි වීමට පැමිණ සිටි තම ඥාතීන්ට මේ බව දැනුම් දීමෙන් අනතුරුව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමත් සමඟම ස්ථානාධිපතිවරයා විසින් පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට එවීමට කටයුතු කර ඇත.

රන් භාණ්ඩ සහ මුදල් කොල්ල කෑමෙන් අනතුරුව පැහැරගත් පුද්ගලයා සමග මංගල උත්සව ශාලාව ආසන්නයට පැමිණීමේදී පොලිස් නිලධාරීන් එහි රැුඳී සිටිනු දුටු නාඳුනන පුද්ගලයා මෝටර් රථය ඒ ආසන්නයේ නවතා පලාගොස් තිබූ බව පොලිසිය කියයි.

පලා ගිය පුද්ගලයාගේ බවට සැක සිතිය හැකි යතුරුපැදියක් යතුරු සමඟ රථගාල ආසන්නයේ තිබියදී සොයා ගැනීමෙන් අනතුරුව ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂාවේදී එය කිරිඳිවැල ප‍්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කිරිඳිවැල බලා පිටත් කර හැරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසන්න රත්නායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කැස්බෑව – ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment