හාල් මෝල් දිගටම වටලන්න… නාමල් කරුණාරත්න

148

පොළොන්නරුව මහා පරිමාණ හාල් මෝල් හිමියන් සතුව මාස 09කට වී තොග පවතින නිසා සිදුකරන වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා ඊයේ (09 දා) ඉල්ලීමක් කළේය.

පෙරේදා (08දා) දිනයේදී මහා පරිමාණ හාල් මෝල් හිමියන් සතුව තිබියදී හාල් තොග අත්අඩංගුවට ගත්තද ඔවුන් සතුව වී සහ හාල් තොග විශාල ලෙස පවතින බව ද කරුණාරත්න මහතා කීය. ප‍්‍රධාන හාල් මෝල් හිමියන් සතුව කීරි සම්බා අක්කර දෙකක ගබඩාවක පවතින බවට ඔහුගේ මුවින්ම මාධ්‍යයට ප‍්‍රකාශ වී තිබූ බවත් එය එක් ප‍්‍රකාශයක් පමණක් බවත් ඒ මහතා කීය.

රජයට සහල් මිල ඇත්තටම පාලනය කළ යුතු නම් රජය සතුවද වී තොග අවශ්‍යතාවයෙන් සියයට 20 ක්වත් පැවතිය යුතු බවත් හාල් මෝල් හිමියන් කෘති‍්‍රම සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කළහොත් එය මගහැරවීම සඳහා රජය සතු වී තොග හසලක, හිඟුරක්ගොඩ ඇතුළු රජය සතු හාල් මෝල්වලින් සහල් බවට පරිවර්තනය කර ජනතාවට බෙදාදීමේ වැඩපිළිවෙළක් සකස් කළයුතු බවත් කරුණාරත්න මහතා කීවේය.

රජය මගින් වැටලීම් කිරීම තුළින් ඉදිරියේදී මහා පරිමාණ හාල් මෝල් හිමියන් ගොවීන්ගෙන් වී තොග මිලදී ගැනීම මගහැරීමට කටයුතු කළහොත් ඊට පිළියම් යෙදීමට රජය සූදානම් විය යුතු බව ද කරුණාරත්න මහතා කීවේය. එමෙන්ම පොඩි හාල් මෝල් හිමියන් සහ ගොවින් සතු සහල් තොග බලහත්කාරයෙන් ගැනීමට උත්සාහ කරන බවට ඔවුන් ප‍්‍රකාශ කරන බවත් එවැනි දේ සිදුනොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා පැවසීය.

රජය විසින් මහ හාල් මෝල් හිමියන්ගෙන් සහල් තොග ලබාගෙන ඔවුන්ට මුදල් නොදීමේදි ඔවුන් වී තොග ගිය වසරේ අඩු මිලට ගෙන ඇති නිසා ඔවුන්ට පාඩුවක් සිදුනොවන බව ද කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment