අද සිට 30ට වැඩි සැමට බූස්ටර් එන්නත

322

දිවයින පුරා වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් සදහා කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ වේ.ඒ අනුව අවුරුදු 30 වැඩි අවදානම් කණ්ඩායමවල සිටින පුද්ගලයින් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, සයිනොෆාම්, මොඩර්නා සහ ෆයිසර් යන කුමන හෝ එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් හට තෙවන මාත්‍රාව ලෙස එම බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේ.දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ කළ පුද්ගලයින්ට පමණක් එම බූස්ටර් එන්නත ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment