දයාසිරිගේ තටු තවත් කපයි

1063

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙතෙක් දැරූ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත. මේ අතර පක්‍ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය 23 දා බිංගිරියේදී දිස්ත්‍රික් සංවිධායකවරුන් හමුවී පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කර ඇත.

ජයසේකර මහතා ඉවත් කිරීමෙන් හිස්වූ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වයට වයඹ පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති ලක්ෂ්මන් වෙඬරුව මහතා පත් කරන ලෙස එම දිස්ත්‍රික්කයේ සංවිධායකවරුන් හිටපු ජනාධිපතිවරයාගෙන් එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment