ඇස් ලෙඩ තියෙනවා නම් දරුවන් පාසල් එවන්න එපා -කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

2305

මේ දිනවල දරුවන්ට ඇස් අමාරුවක් හෝ එක දිගට කඳුළු ගැලීමක් ඇත්නම් පාසල් එවීමෙන් වළකින ලෙස කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

මෙම පැතිර යන ඇස් රෝගය හේතුවෙන් දැනටමත් කොළඹ නගරයේ පාසල් කීපයක ශ්‍රේණි කීපයක්ම වසා දමා ඇතැයි ද හෙතෙම කීවේය.

තම දරුවන් ඇස් අමාරුවකින් පෙළෙන්නේ නම් පාසල් නොඑවා නිවසේම තබා ගන්නා ලෙස ද හේ කියා සිටියේය.

මෙම ඇස් රෝගය වැළඳුනු පසු දින 7 ක් හෝ 8 ක් යන විට එම රෝගී තත්ත්වය පහ වී යන බව ද හෙතෙම පැවසීය.

ඇස්වල වේදනාව, වැලි මෙන් ඇස් කෙවෙන ගතිය එක දිගට කඳුළු ගලාගෙන යෑම, මෙහි රෝග ලක්ෂණ බවත් යම් යම් පෘෂ්ඨ අල්ලා ඇස් ඇල්ලීමෙන් වළකින ලෙසත් හෙතෙම ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment