අල ලූනු වගේ බිත්තර එළියට දාන්න බෑ

358

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල්

අලු, ලූනු ගෙන්වන ආකාරයට සතුන් සහ සත්ත්ව නිෂ්පාදන රට තුළට ගත නොහැකි බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ‘දිවයින’ට පෙරේදා (25දා) පැවසුවාය.

බිත්තර ආනයනය කිරීමේදී ඉන්දියානු සමාගමෙන් වාර්තා ගෙන්වා ගතහොත් මෙරට සිදුකළ යුතු පරීක්‍ෂණ වාර්තා ලබෙන තෙක් බිත්තර තොගය වරායෙන් පිට කිරීමට තම දෙපාර්තමේන්තුවට අවසර දීමට නොහැකි බවද සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලයද උපදෙස්දී තිබෙන බව ඇය කීවාය.

බිත්තර රට තුළට ගැනීමට අවසර දීමට පෙර සාම්පල් ගෙන වෛi පර්යේෂණ ආයතනය සහ පශු වෛi ආයතන රසායනාගාරවල පරීක්‍ෂණ කරමින් පවතින බවත් එම වාර්තා මගින් කුරුලු උණ නොමැති බවට වාර්තා ලබාදීමෙන් පසු බිත්තර තොගය රේගුවෙන් මුදාගැනීමට අවසර ලබාදිය හැකි බවත් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය පැවසුවාය. ඒ සඳහා තව දින තුනක් පමණ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ඇය කීවාය.

තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විවිධ චෝදනා කළත් බිත්තර, මස්, සතුන් වැනි දේවල් රටට ගෙන ඒමේදී අනුගමනය කළ යුතු නීතිරීති හා පනත් අනුව කටයුතු කළ යුතුව ඇතැයිද එය ජාත්‍යන්තර නීතිය බවද පැවසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මෙම බිත්තර තොගය බේකරි නිෂ්පාදන සඳහා පමණක් යොදාගත යුතු බවත් එය මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ භාවිතයට ගත යුතු බවත් වැඩිදුරටත් කියා සිටියාය.
චමින්ද සිල්වා සහ සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment