දින පහක දී ගාසා තීරයට ගුවනින් බෝම්බ 6000ක් හෙළලා – පලස්තීනුවෝ 1500ක් මරුට

110

දින පහක දී ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවනින් බෝම්බ 6000ක් හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම බෝම්බවල බර ටොන් 4000ක් පමණ වේ.

එසේම මෙම ගුවන් ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 1500 ඉක්මවා තිබේ.

ඉකුත් 07 වැනිදා පෙරවරුවේ ඊශ්‍රායලය වෙත එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු මෙම ගුවන් ප්‍රහාර ආරම්භ විය.

මේ අතර ගාසා තීරයෙන් පැය 24ක් ඇතුළත ඉවත්වන ලෙස ඊශ්‍රායල් හමුදාව පලස්තීනුවනට දන්වා තිබේ.

මින් ඉදිරියට මෙතෙක් තිබූ ගාසා තීරයක් යළි දැකිය නොහැකි යැයි පවසන ඊශ්‍රායල් රජය හමාස් සාමාජිකයන්ට සියලු දෙනා ඝාතනය කරන බව ද කියයි. හමාස් ප්‍රහාරයන් මියගිය ඊශ්‍රායල් වැසියන් ප්‍රමාණය 1300 ඉක්මවා තිබේ. තුවාලකරුවන් ගණන 3300 ඉක්මවා ඇත.

හමාස් ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන ගිය හමුදා සාමාජිකයන් හා සිවිල් වැසියන් ප්‍රමාණය 150 පමණ වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment