සත්කාරකයන්ගේ සිහින වැස්සෙන් බොඳ වේ

185

තරගයේ අවසන් දිනය සම්පූර්ණයෙන්මත්, සිව්වැනි දිනයේ පන්දුවාර 60ක් ද වර්ෂාව හේතුවෙන් අපතේ ගිය අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය පෙරේදා ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඒ සමගම සත්කාරක එංගලන්තයට අළු බඳුන ශුරතාව දිනා ගැනීමේ බලාපොරොත්තු අහිමිව ගිය අතර පසුගිය වර ශූරයන් වූ ඔස්ටේ්‍රලියාවට යළි එහි ශූරතාවය හිමිවිය.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව තරග 2-1 ක් ලෙස අළු බඳුන තරගාවලියේ පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව සිටින අතර ලබන 27 වෙනිදා ඇරඹෙන අවසන් ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සත්කාරක එංගලන්තයට හිමි වුවද තරගාවලිය 2-2ක් ලෙස සමව අවසන් වන නිසා පසුගිය වර ශූරයන් වෙත කුසලාන හිමි වේ.

මෙම තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ටේ්‍රලියාව කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක් ලබා ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා තවත් ලකුණු 61 ක් අවශ්‍යව තිබියදී වර්ෂාව විසින් එංගලන්ත බලාපොරොත්තු සිඳ දමන ලදී.

ලකුණු සාරාංශය

ඔස්ටේ්‍රලියාව පළමු ඉනිම 317/10
එංගලන්තය පළමු ඉනිම 592/10
ඔස්ටේ්‍රලියාව දෙවෙනි ඉනිම 214/5

advertistmentadvertistment
advertistmentadvertistment