සිටි ලීග් කුසලාන පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස් හා මොරගස්මුල්ල තරගය අද

63

සිටි ලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස් හා මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය අතර තරගය අද (08 වැනිදා) කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වෙන අතර, ජාවාලේන් හා මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජ අතර තරගය හෙට (9 වැනිදා) පස්වරු 3.30ට ආරම්භ වේ.

මෙතෙක් කොළඹ පාපන්දු සමාජය තරග තුනකට මුහුණදී තරගයක් ජයගෙන තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා කර ගෙන තරගාවලියේ පෙරමුණේ පසුවේ.. කොළඹ පාපන්දු සමාජය ගෝල 3-1ක් ලෙස මාලිගාවත්ත යූත් පිල පරාජය කළ අතර, ගෝල් 1-1ක් ලෙස මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමග තරගය ජය පරාජයෙන් තොර විය. එමෙන්ම සෝන්ඩර්ස් සමග තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවීම හේතුවෙන් කොළඹ පිල ලකුණු සටහනේ ලකුණු 5ක් ගෙන ඇත.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය තරග තුනකදී තරගයක් ජයගෙන තරගයක් පරාජයවී අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ හෙයින් ලකුණු 4ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ගෝල් 2-0ක් ලෙස මාලිගාවත්ත යූත් පිල පරාජය කළ අතර, ජාවාලේන් හමුවේ ගෝල් 4-2කින් පරාජය විය.

ජාවාලේන් සහභාගිවූ තරග දෙකේදී ජයග්‍රහණයක් හා අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමාකොට ලකුණු 4ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී. ජාවාලේන් වෙතින් මොරගස්මුල්ල පරාජය වූ අතර, ජාවාලේන් – සොන්ඩර්ස් තරගය ගෝල් 2 – 2ක් ලෙස සම තත්ත්වයෙන් නිමා විය.

සෝන්ඩර්ස් සහභාගිවූ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවී ලකුණු 2ක් ලබා සිටින අතර, මාලිගාවත්ත යූත් සහභාගි වූ තරග දෙකම පරාජයවී ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙති.

advertistmentadvertistment
advertistmentadvertistment