කුවේට්හි මියගිය දුවගේ දේහය ගෙනැත් දෙන්න ඉල්ලති – මව ඉල්ලයි

134

කූවේට්හි ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගිය බවට පැවසෙන හි`ගුරක්ගොඩ, රජඇලගම. 15 ඇළ පදිංචිව සිටි කේ. ආර්. රම්‍යා ජයකාන්ති (නයනි) නැමැති 47 හැවිරිදි එක් දරු මවගේ දේහය මෙරටට ගෙන්වා දෙන ලෙස ඇයගේ රෝගී මව වන එම්. පොඩිහාමිනේ මහත්මිය රජයෙන් ඉල්ලා සිටියි.

මෙම කාන්තාව ගෘහ සේවය සඳහා පිටව ගොස් ඇත්තේ 2019.12.02 දිනය. ඒ හි`ගුරක්ගොඩ පිහිටි විදේශ රැුකියා නියෝජිත ආයතනයක් හරහාය. එහි සිටි ඇය මියගිය බවට ප‍්‍රකාශ වන 2021.10.07 දින දක්වා ඇගේ සොහොයුරා ඇතුළු සෙසු සාමාජිකයින් සම`ග දුරකථන මගින් සබඳතා පවත්වා තිබේ.

කුවේට්හි මියගිය දුවගේ දේහය ගෙනැත් දෙන්න ඉල්ලති - මව ඉල්ලයි

එහිදී ඇය ඔවුන්ට පවසා ඇත්තේ රැුකියාව හොඳින් කරගෙන යන බවයි. කෙසේ වුවද ඔක්තෝබර් 07 වැනි දින දුරකථනය මගින් තම සොහොයුරකු වන කේ. ආර්. සුගත් ජිනේන්ද්‍ර තිලකරත්න ඇමැතූ රම්‍යා ජයකාන්ති පවසා ඇත්තේ තමන්ට පපුවේ වේදනාවක් හටගෙන තිබෙන බවත් රෝහල්ගත වීමට කටයුතු කරන බවත්ය. ඉන් පැය කීපයකට පසු රම්‍යාගේ සොහොයුරාට පණිවුඩයක් ලැබී ඇත්තේ තම සොහොයුරිය මියගිය බවටය.

රම්‍යා ජයකාන්ති රට ගොස් ඇත්තේ නැති බැරි කමටය. ජීවත් වීමට කිසිදු මගක් නොමැතිව ඇය මෙරටදී නොවිඳිනා දුක් විඳ තිබේ. එක්තැන්ව රෝගීව සිටින මවත් තම එකම දරුවාත් ජීවත් කරවීම සඳහා ඇය මෙලෙස රට රැුකියාවකට ගොස් තිබේ. එහෙත් ඇයගේ එම සිතිවිල්ල යථාර්ථයක් වීමට දෛවය ඉඩ දී නැත. නාඳුනන රටක මියගිය රම්‍යාගේ දේහය මෙරටට රැුගෙන ඒමේ හැකියාවක් වයෝවෘද්ධ රෝගී මවට හෝ දුප්පත් සහෝදරයන්ට නැත. මේ සඳහා විදේශ රැුකියා නියුක්ති කාර්යාංශය ඇතුළු ආණ්ඩුවේ වගකිව යුක්තන් මැදිහත් විය යුතු යැයි ඔවුහු පවසති.

මගේ කෙල්ල මට නැති වුණා. මොනවා වුණාද කියලා මම දන්නේ නැහැ. දුවගේ මළකඳහරි බලන්න. ගෙනත් දෙන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලනවා. ආතරයිටිස් රෝගය උත්සන්න වී එක්තැන්ව සිටින රම්‍යාගේ මව වන එම්. පොඩිහාමිනේගේ එකම ඉල්ලීම එය වේ. මේ සඳහා සහාය වීමට රම්‍යාගේ සොහොයුරාගේ දුරකථනය වන 0772596246ට කතා කළ හැකිය.

අතුල සූරියබණ්ඩාර – හිගුරක්ගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment