අනෙක් කණ්ඩායම්වලට වඩා  අපේ දස්කම් ඉහළයි – නායක දසුන් ඩුබායි යෑමට පෙර කියයි

278

ආසියානු කිරුළ සොයා යෑමට මත්තෙන්..

ආසියානු කුසලාන තරගාවලිය යනු දැඩි අභියෝගාත්මක තරගාවලියක් වුවත්, ප්‍රතිවාදී කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා වඩාත් වැදගත් වන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ විශ්වාස තැබීම බව ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක සඳහන් කර සිටියේය.

අනෙක් කණ්ඩායම්වලට වඩා  අපේ දස්කම් ඉහළයි - නායක දසුන් ඩුබායි යෑමට පෙර කියයි

ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24 දා) පස්වරුවේදී පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී විස්සයි-20 නායක ඉහත අදහස් පළ කර සිටියේය.

අනෙක් කණ්ඩායම්වලට වඩා  අපේ දස්කම් ඉහළයි - නායක දසුන් ඩුබායි යෑමට පෙර කියයි

“අනිවාර්යයෙන්ම අභියෝගයක් තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියක් කියන්නේ අභියෝගයක්” යැයි පවසන දසුන්, මූලික වටයේ ඇති අභියෝගය පිළිබඳව මෙසේ අදහස් පළ කර සිටියේය.

 “මූලික වටයේදී අපිට හොඳ තරග 2 ක් තියෙනවා. අපි දන්නවා ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයෝ

 මොනවගේද විස්සයි-20 තරගවලදී ක්‍රීඩා කරන්නේ. නමුත් මම හිතන්නේ අනිත් කණ්ඩායම්වල දක්ෂතාවලට වඩා අපේ කණ්ඩායමේ දක්ෂතා හොඳ මට්ටමක තියෙනවා කියලා. මට අපේ කණ්ඩායම ගැන තමයි විශ්වාසය තියෙන්නේ. අපේ ක්‍රීඩකයින්ට උපරිමයටම එන්න පුළුවන් නම් මේ තරගාවලිය ජයග්‍රහණය කරන එක අමාරුවක් නෑ” යි දසුන් සඳහන් කර සිටියි.

 කණ්ඩායම සතුව නවක ක්‍රීඩකයින් රැසක් සිටින බවත්, ඔවුන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිමය කිරීම සඳහා ඔවුන් දැඩි උනන්දුවකින් පසුවන බවද විස්සයි-20 නායකයා අවධාරණය කර සිටියි.

 මෙම තරගාවලියට පෙර පැවැති ආරාධිත විස්සයි-20 තරගාවලියේදී හොඳ සූදානමක් ලැබුණු බවද මෙම අවස්ථාවේදී ශානක සඳහන් කර සිටියේය.

 ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු සටන ලබන 27 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ආරම්භ කරන අතර ඊට පෙර දින 2 ක කාලයක් පුහුණුවීම්වල නිරත වනු ඇත.

 “ඇත්තටම පිතිකරුවන්ගෙන් තමයි මේ තරගාවලිය තීරණය වෙන්නේ. මොකද පිතිකරුවන්ට හොඳ දක්ෂතාවයන්ට එන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට හොඳ පන්දු යැවීමේ බල ඇණියක් සිටිනවා. දුෂ්මන්ත (චමීර) ආබාධයකට ලක් වුණත් වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි වගේම, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුශංක වගේ නවකයින් දක්ෂතා අතර සිටිනවා. ඒ නිසා මේ තරගාවලිය අපිට හොඳ තරගාවලියක් වෙයි” යැයි දසුන් කියයි.

 ඉනිම ආරම්භ කිරීම සඳහා කණ්ඩායම තුළ ආරම්භක පිතිකරුවන් තිදෙනෙකි. කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ පැතුම් නිස්සංක ඔවුන් තිදෙනා වන නමුත් මොවුන් තිදෙනාගෙන් එක් අයෙකුට ඇතැම් විට පිතිකරණ ලැයිස්තුවේ පහළට යෑමේ වැඩි ඉඩකඩක් පවතින බවද ශ්‍රී ලංකා නායක සඳහන් කර සිටියේය.

 “තුන් දෙනෙක් ඉන්නවා ඉනිම ආරම්භ කරන්න. ආරම්භ කරන්නේ කවුද කියන එක තවදුරටත් අපි සාකච්ඡා කරනවා. මොකද පැතුම් නිස්සංක පසුගිය කාල වකවානුව තුළ හොඳින් පන්දුවට පහර දුන්නා. ඒ වගේම කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක. ඉතිං කණ්ඩායම සමබර කිරීම සඳහා මොවුන්ගෙන් කාට හරි පල්ලෙහාට යන්න හැකියාවක් තියෙනවා. නමුත් හම්බවෙන ඕනෑම තැනක ක්‍රීඩා කරන්න ක්‍රීඩකයින් සූදානමින් සිටිය යුතුයි” යැයි දසුන් අවසන් වශයෙන් අදහස් දක්වා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment