වසර 92 ක වාර්තාවක් ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව බිඳ දමයි

517

ලොව අඩුම පන්දු සංඛ්‍යාවකින් ජය පරාජය තීරණය වූ ටෙස්ට් තරගය ලෙස ඊයේ (03 වැනිදා ) දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි නිමාව දුටු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ඉන්දියාවට හිමිවිය. එම තරගයේ ප්‍රතිඵලය විසඳීමට වැය වී තිබූ පන්දු සංඛ්‍යාව 642 ක් වූ අතර ඊට පෙර අඩුම පන්දු සංඛ්‍යාවකින් ටෙස්ට් තරගයක ප්‍රතිඵල තීරණය වී තිබුණේ පන්දු 656 කිනි. 1932 වසරේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර මෙල්බන්හිදී එම තරගය පැවැත්වී තිබුණු අතර ඒ අනුව ඊයේ බිඳ වැටුණේ වසර 92 ක වාර්තාවකි. එම වාර්තාව බිඳ දැමූ ඊයේ තරගය, දකුණු අප්‍රිකා හිටපු නායක ඩීන් එල්ගාර් සහභාගී වූ අවසන් ටෙස්ට් තරගය ද එය විය. එම තරගයේ දකුණු අප්‍රිකාවට වැයවී තිබුණේ පන්දු වාර 23.2 ක්(පළමු ඉනිම) සහ දෙවෙනි ඉනිමට පන්දු වාර 36.5කි. ඉන්දියාව පළමු ඉනිම සඳහා පන්දුවාර 34.5 කට මුහුණ දී තිබූ අතර දෙවැනි ඉනිම සඳහා පන්දුවාර දොළහකි.

එම ජය වාර්තා කරමින් දෙරට අතර පැවැති ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment