මින්නේරිය නගරයේදී රියැදුරා හෘදයාබාධයකින් මියගොස් බස් රථය හෝටලයකට කඩාවදී

338

මින්නේරිය බස් නැවතුම්පළෙහි සිට ඊයේ (13දා) උදෑසන 6.30 ට පමණ පණගැන් වූ පෞද්ගලික බසයක රියැදුරා හදිසි හෘදයාබාධයකින් මියයෑම නිසා බස් රථය මීටර් විස්සක් පමණ ඉදිරියට ධාවනය වී පදික වේදිකාවෙන්ද පැන ඉදිරියෙන් තිබූ හෝටලයක වැදී නතර වී ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මින්නේරිය පොළොන්නරුව පාර පදිංචි එන්. කේ. ආරියරත්න නමැති 65 හැවිරිදි පුද්ගලයෙකි. ඇඟලුම් කම්හලක සේවකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථය මෙසේ මින්නේරිය නගරයෙන් ගමන් ආරම්භ කර තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ කිසිවකු නොසිටි බව පොලිසිය කියයි. සිද්ධියෙන් හෝටලයේ ආප්ප ඇතුළු කෑම සකස් කරන කුටියට දැඩි හානි සිදුව ඇත. මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත මින්නේරිය පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක උප පොලිස් පරීක්ෂක සමන් සැරයන් හේරත් (26717) යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය – සුජිත් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment