පුරාවිද්‍යා වටිනාකමක් ඇති භූමිය රැකගැනීමට සැවොම එක්විය යුතුයි – මැදගොඩ අභයතිස්ස හිමියෝ මහනාහිමිවරුන්ගෙන් ඉල්ලති

203

ජනවරමක් නැති ජනපති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමිය විනාශ කරන්නට වෙර දරන බවත් මේ මොහොතේ එය රැකගැනීමට අපි සැවොම එක් විය යුතු බවත් දන්වමින් මල්වතු අස්ගිරි උභය පාර්ශවීය මහා නායක ස්වාමීන් වහන්සේලා වෙත මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළහ.

මේ මොහොත වන විට ජනාධිපතිවරයාගේ බලපෑම මත පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙන බවත් මේ ඔස්සේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ඉඩකඩම් වලට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

රටේ ආර්ථිකය කඩා වැටුණු මොහොතක ආර්ථිකය ගොඩනැංවීම පිණිස රනිල් වික්‍රමසිංහ රටේ නායකත්වයට තෝරා ගත්තා මිස ඔහුට කිසිසේත්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියට අත තබන්නට අයිතියක් නැති බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ. පුරාවිද්‍යා රක්ෂිතවල වගකීම පැවරී තිබුණේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බැවින් මේ මොහොතේ රටේ ප්‍රෞඪත්වය රකිමින් සාක්ෂි සහිතව ඉතිරිව තිබූ ඉතිහාසය රැක ගැනීමට සියලු ජනතාව එක් රොක් විය යුතුයැයි ද උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු අස්ගිරි මහා නායක ස්වාමීන් වහන්සේලා ඊයේ (13) බැහැදැක ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ එසේ ප්‍රකාශ කළහ.

සමන්ති වීරසේකර – මතුගම සෙනවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment