ගංවතුර අවදානම අදත්

126

ගිං ගඟ ද්‍රෝණියට හා නිල්වලා ගංඟා ද්‍රෝණියට නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම අද (13දා) දක්වා දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ (12දා) සඳහන් කළේය.

ඒ අනුව නිල්වලා ගංඟා ද්‍රෝණියට ඇදහැලෙන වර්ෂාවත් සමග එම ගංඟා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑ ගංවතුර මට්ටම නැවත ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය ඊයේ (12දා) වන විට අඩුවෙමින් පැවතියත් ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් එම ගංඟා ද්‍රෝණිය ආශ්‍රිත ප්‍රදේශවල අතුරු මාර්ගවල ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දැනුම්දී සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment