ප්‍රංශයේ මැයි දින විරෝධතාවලදී පොලිසියේ 108 කට තුවාල

134

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණවලට එරෙහිව පෙරේදා (01දා) එරට පැවති විරෝධාතාවන් අතරතුර ඇති වූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 108 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැයි දිනයට සමගාමීව ප්‍රංශය පුරා පැවති මෙම විරෝධතාවන්ට දහස් ගණනක් ජනතාව රැස්ව සිටි බව ද එම වාර්තා සඳහන් කරයි.

විරෝධතාකරුවන් විසින් එරට ආරක්‍ෂක අංශ වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාර ද එල්ල කර ඇති අතර ඔවුන් විසිරුවා හැරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධි පීඩක ජල ප්‍රහාර ද එල්ල කර තිබේ.

මෙම විරෝධතාව අතරතුර පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසක් එරට ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment