මාතලෙන් කෝටි පන්සියයක මැණික්

966


මාතලේ මැණික්පුරෙන් රුපියල් කෝටි හාරසියයක මිණිකැට මේ වසරේදී හමුවූ බව ජාතික මැණික් හා ස්වර්ණිභරණ අධිකාරිය කියයි. එහි නාඋල ප්‍රාදේශිය කළමනාකරු සංජීව මූණමල්පේ මහතා පැවැසුවේ කලාපයෙන්ම ලැබුණ මැණික්වල වටිනාකම රුපියල් කෝටි පන්සියය ඉක්මවන බවය.
හමුවූ මැණික් අතර නිල් නිල් ගෙවුඩ ඇතුළු මැණික් හමුවූ බවත් ලග්ගල සහ ඇලහැර මැණික් කලාපවලින් ලැබෙන නිල් මැණික් සදහා ලෝක වෙළදපලේ ඉතාම ඉහළ ඉල්ලු‍මක් ඇති බවද ඔහු පැවැසීය. ලැබුණ මැණික්වලින් සියයට 80ක් ලග්ගල සහ ඇලහැර මැණික් කලාපවලින් සොයා ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment