ශ්‍රී ලංකාව සෞදිය පරදා සවුදිය පුරයි

435

– මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

මධ්‍යම ආසියානු අභියෝගතා කුසලාන ( පිරිමි ) 2023 වොලිබෝල් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් ඊයේ (09 වැනිදා ) සෞදි අරාබියට එරෙහිව 3-0 ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සෞදිය පරදා සවුදිය පුරයි

එම තරගයෙන් ශ්‍රී ලංකාව 25-19,.25-17ක් සහ 26-24 ක් ලෙස ජය ලබමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.

ලබන 15 වැනිදා දක්වා පැවැත්වෙන එම තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (09 වැනිදා ) ප.ව. 2.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, උස්බෙකිස්තානය, නේපාලය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානය, යන රටවල් මෙම තරගාවලිය සදහා සහභාගි වේ.

තරගාවලිය ආරම්භ කරමින් ඇෆ්ඝනිස්තානය සහ උස්බෙකිස්තානය අතර පැවැති තරගයෙන් 3-2 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment