ශ්‍රී ලංකා පැසි පන්දු කණ්ඩායම ආසියාවේ ප්‍රබලයන් දමනය කරති

311

ආසියානු කුසලාන පැසි පන්දු තරගාවලියේ දැවැන්ත පෙරළියක් සිදු කරමින් ශ්‍රී ලංකා පැසි පන්දු කණ්ඩායම සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේදී ප්‍රබල කොරියාව පරාජය කිරීමට ඊයේ (28 වැනිදා) සමත් වූයේය.

කොරියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම 21-19ක ජයග්‍රහණයක් ලබමින් එම පෙරළිය සිදු කළේය.

කලාපයේ ප්‍රබල කණ්ඩායමක් වන කොරියාව ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ දෙවැනි ස්ථානයට හිමිකම් කියන අතර එහි පළමු තැන ජපානයට හිමි වෙයි.

ශ්‍රී ලංකාව අද මොංගෝලියාව සහ තායිලන්තය සමගින් තරග වදින අතර එම තරග දෙකෙන් එකක් හෝ ජයගත හොත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ එකම දකුණු ආසියාතික රට ලෙස ශ්‍රී ලංකාව පත් වනු ඇත.

මොංගෝලියාවට එරෙහි තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12:10 ට සහ තායිලන්තයට එරෙහි තරගය පස්වරු 6:05 ට පැවැත්වේ.

කණ්ඩායමකට ක්‍රීඩකයන් තිදෙනකු බැගින් මෙම තරගාවලියේදී ක්‍රීඩා කරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය රුක්ෂාන් අතපත්තු, පවන් ගමගේ, සිම්රෝන් යෝගනාදන් සහ දසුන් නිලන්ත යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත වෙති.

තරිඳු ප්‍රනාන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි

කලාපයේ දැවැන්ත රටක් වන ඉන්දියාව මේ වන විටත් තරගාවලියෙන් ඉවතට විසි වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment