බංග්ලාදේශය ඉනිමක් පිටුපසින්

246

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමගින් කි‍්‍රයාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) දිනය නිමාවට පත්වන විටදී පළමු ඉනිමේ වැඩි වාසි අත්කර ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්වී සිටියේය. එ් අනුව ඊයේ දිනය නිමාවට පත්වනවිටදී බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්තයට වඩා ඉනිමකින් සහ ලකුණු 395ක් පිටුපසින් සිටියේය.

 තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක කණ්ඩායම සිය පළමු ඉනිමට කඩුලූ 6ක් පමණක් දැවී ලකුණු 521ක් ලබා ගැනීමට සමත්විය. නවසීලන්ත ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් කරා ගෙන යෑමට සමත් වූ ටොම් ලෙතම් ලකුණු 252ක් සහ ඩෙවෝන් කොන්වේ ලකුණු 109ක් ලබා ගතතේය. විල් යංග් සහ ටොම් බ්ලන්ඩල් පිළිවෙළින් ලකුණු 54ක් සහ 57ක් බංග්ලාදේශයට එරෙහිව වාර්තා කළේය.

 බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ටෙ‍්‍රන්ට් බෝල්ට් කඩුලූ 5ක් සහ ටිම් සවුති කඩුලූ 3ක් දවා ගැනීමට සමත් වෙද්දී කයිල් ජෙමිසන් කඩුලූ 2ක් බිඳ දැමීය.

 බංග්ලාදේශ පළමු ඉනිමට යසීර් අලී ලකුණු 55ක් සහ නුරුල් හසන් ලකුණු 41ක් වාර්තා කළේය. එ් හැරුණුකොට කිසිදු පිතිකරුවකු ලකුණු 10 සීමවා පසුකර යැමට අපොහොසත් වීම කැපී පෙණුනි.

 ලකුණු සාරාංශය

 නවසීලන්ත පළමු ඉනිම 521/6

 බංග්ලාදේශ පළමු ඉනිම 126/10

advertistmentadvertistment
advertistmentadvertistment