කාශ්මීර කාන්තාවන්ට විප්ලවීය වෙනසක් ගෙනදුන් තරුණිය

380


කාශ්මීර කාන්තාවන් අතර විප්ලවීය වෙනසක් කළ තරුණියක් බවට 23 හැවිරිදි සානා අෆ්සාල් මීර් පවත්ව තිබේ.ශ්‍රී නගර්හි ලාල් බසාර් හි පදිංචි ඇය අධ්‍යාපන කටයුතු වලින් මෙන්ම ක්‍රීඩා අංශයෙන්ද විශිෂ්ට දස්කම් පෑම ඊට හේතුවී ඇත.ඇය ජාතික මට්ටමේ ස්කී ක්‍රීඩිකාවක්, ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩිකාවක් ,ඩල් ලේක් පිහිනා ඇති පිහිනුම් ක්‍රීඩිකාවක්, කාටුන් ශිල්පිනියක්, ටයිකොන්ඩෝ ක්‍රීඩිකාවක් සහ දිල්ලි විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිනියක් ලෙස බහුවිධ දස්කම් වලට හිමිකම් කියයි.ඇය සියලුම ස්ත්‍රී පුරුෂ භාවයේ බාධක බිඳ දමා ක්‍රීඩාවේ කාශ්මීර කාන්තාවන්ගේ භූමිකාවේ විප්ලවීය වෙනසක් සිදු කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.2018 දී සානා ශ්‍රීනගර් හි දිල්ලි මහජන පාසලෙන් ද්විතීයික අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා අමර් සිං විද්‍යාලයට බැඳුණත් අතරමගදී ඉවත් වී දිල්ලි විශ්ව විද්‍යාලයේ ශාන්ත ස්ටීවන්ස් විද්‍යාලයට ඇතුළත් විය. දැන් ඇය ඉංග්‍රීසි, උර්දු සාහිත්‍යය සහ දර්ශනය පිළිබඳ උපාධියක් හදාරමින් සිටින්නීය.ශීත ඍතු ක්‍රීඩා ක්‍රීඩිකාවක් වන සානා පැවසුවේ වේගය, උස සහ ශාරීරික තුවාල පිළිබඳ බියෙන් මිදීමට යමෙකුට හැකි විය යුතු බවය.එසේම ඇය කිසිවකුගේ ආභාෂය ලබා නැති බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment