ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනට ජපානය ඩොලර් මිලියන තුනක් ලබා දීම අගය කරනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා

25

ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කොට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය විසින් රුපියල් මිලියන 03ක් ලබා දීම මේ මොහොතේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමන් අතිශය අගය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. එම මුදල් ලබා දීම වෙනුවෙන් ධීවර අමාත්‍යාංශය හා ජපන් තානාපති සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අතර ගිවිසුම් ගත වීමේ උත්සවයේදී ඒ මහතා එසේ පැවසීය. 2024. 04. 25 වන දින එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධාන කාර්යාලය පිහිටි කොළඹ ගොඩනැගිල්ලේ දී මෙම ගිවිසුම් ගත වීම පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ පැවසීය. ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය දිවයින පුරාම සෑම දිස්ත්‍රික්කයක් තුළම සිදු කරන බවත්, මෙම කර්මාන්තයට අවශ්‍ය මාළු පැටවුන් ලබා ගැනීම සඳහා අවශ්‍ය තරම් අභිජනන මධ්‍යස්ථාන නොතිබීම නිසා මෙම කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට මත්ස්‍යයින් වගා කිරීම දැඩි දුෂ්කරතාවක් වී ඇති බවද පැවසීය. තවද ඒ සඳහා විසඳුම් ලබාදීමටත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය ඩොලර් මිලියන 03ක ආධාරයක් ලබාදීම පිළිබඳව තමන් ජපන් රජයට ස්තුති වන බව ද පැවසීය.

මෙම ඩොලර් මිලියන 03ක ආධාර මුදලින් මඩකලපුව, මුලතිව්, අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන කුඩා අභිජනනාගාර හතරක් ස්ථාපිත කිරීමටත් මෙම අභිජනනාගාරවල මසුන් පැටවුන් බිහිකිරීමේ හැකියාව වැඩි කිරීම සඳහා නැක්ඩා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන හතරක් සහ ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන අභිජනනාගාර වැඩිදියුණු කිරීම, ධීවර ප්‍රජාවන් අතර කූඩුතුල මසුන් ඇති කිරීම ප්‍රවර්ධනය හා ප්‍රජාවගේ ජීවනෝපාය හැකියාව සංවර්ධනය කිරීම මගින් ආහාර හා පෝෂණය සුරක්ෂිතභාවය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන බවද ඇමතිවරයා පැවසීය.

එසේම මිරිදිය ධීවර කර්මාන්තය ස්ථාපිත කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සිදුකිරීම හා මත්ස්‍ය අභිජනන වගාව කළමනාකරණය කිරීමට අවශ්‍ය සියලුම උපකරණ හා දැනුම මෙම ව්‍යාපෘතිය හරහා ලබාදීමට කටයුතු කර ඇති බවද පැවසූ ඇමතිවරයා ඉදිරි කාලයේදී උතුරු පළාතේ කිලිනොච්චිය දක්වා මෙය ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් එය ඉතා වටිනා බවද පැවසීය.

ජපන් තානාපති මසුකොෂි මහතා සිය කථාවේදී ප්‍රකාශ කර සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව යන දූපත් දෙකම අපගේ ආර්ථිකයන් සහ සංස්කෘතීන් තුළ ධීවර කර්මාන්තයේ වැදගත්කම පිළිබඳව ගැඹුරින් මුල් බැසගත් අගය කිරීම් බෙදා ගන්නා ජාතීන් බවද මෙම හවුල් වැදගත්කම හඳුනාගනිමින් ජපානය 2023 වසරේ සිට ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනයට, විශේෂයෙන් සමුද්‍රීය ක්ෂේත්‍රයට සහාය දැක්වීමට කැප වී සිටින බවද පැවසීය. මෙම අඛන්ඩ උත්සාහයට සමගාමීව මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු ශක්තිමත් කිරීමටත් එමගින් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment