මාස 04ට මැලේරියා රෝගීහු 09ක් – මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි

27

මැලේරියා රෝගීන් 09 දෙනකු 2024 වර්ෂයේ මේ දක්වා ගතවූ මාස හතර තුළ මෙරටින් වාර්තාවී ඇතැයි මැලේරියා මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා සඳහන් කරයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ පුබුදු චූලසිරි මහතා, මෙරටින් වාර්තා වන මැලේරියා රෝගීන් බහුතරයක් අප්‍රිකා රටවල සංචාරය කළ උදවිය බවට හඳුනාගෙන තියෙනවා. මීට ඉහත දී ශ්‍රී ලංකාවෙන් මැලේරියා රෝගියෙක් වාර්තා වී තිබෙන්නේ 2012 වර්ෂයේ දී. කෙසේ නමුත් 2023 වර්ෂයේ දී මැලේරියා රෝගීන් 62 දෙදෙනකු මෙරටින් හමුවී තිබෙනවා. මෙරටින් වාර්තාවී ඇති මැලේරියා රෝගීන්ගෙන් බහුතරයක් සාම සාධක රාජකාරී සඳහා ගොස් පැමිණි හමුදා සාමාජිකයන් සහ මැණික් වෙළෙඳාම සඳහා විදේශ රටවලට ගොස් පැමිණි අය බවට හඳුනාගෙන තියෙනවා.

මැලේරියා රෝගයේ මූලික ලක්ෂණ ලෙස උණ, ඇඟපත අමාරුව, කොන්දේ අමාරුව සහ හිසරදය ඇතිවෙන්න පුළුවන්. මැලේරියා රෝගය තිබෙන රටක සංචාරය කර පැමිණියේ නම් වසරක කාලයක් තුළ මෙවැනි රෝග ලක්ෂණ මතු වුණොත් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් වෙනවා. එමෙන්ම මැලේරියා රෝගය උත්සන්න වූ විට හුස්ම ගැනීමේ අපහසුව, වලිප්පුව වැනි තත්ත්වයන් ඇතිවීම සහ ඇතැම් විට මරණ පවා ඇති විය හැකි යි. මැලේරියා රෝගය සහිත රටක සංචාරයක් සඳහා ගොස් පැමිණියේ නම් මාස හයෙන් සහ මාස 12න්, මැලේරියාවට අදාළ පරීක්ෂණ කර ගන්නා ලෙස ඉල්ලනවා. මේ සඳහා බොහොමයක් රජයේ රෝහල්වල පහසුකම් තිබෙනවා. එමෙන්ම මැලේරියා රෝගය පවතින රටක සංචාරය කරනවා නම්, එම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා අදාළ මැලේරියා රෝගය වැළඳීම වැළැක්වීමේ ඖෂධ ලබා ගන්න පුළුවන්.

බද්දේගම – ඕෂධ ගමරත්න

advertistmentadvertistment
advertistmentadvertistment