එන්නත කඩිනම් කරන්න හමුදාවෙන් ජංගම රථ – යුද හමුදාපති කියයි

390

දැනට ක‍්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන කාර්යක්‍ෂම කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12 දා) සිට ජංගම එන්නත්කරණ රථ යෙදවීමට තීරණය කළ බව කොවිඞ් – 19 වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථාන ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා ඊයේ (11 දා) ප‍්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ ජීවත්වන විශේෂ අවශ්‍යතා සහිත සහ වයෝවෘද්ධ පිරිස් වෙත ගොස් අදාළ එන්නත් ලබාදීම සඳහා මෙම ජංගම එන්නත්කරණ රථ යොදවනු ලබන බවත් ඒ සඳහා යුද හමුදා වෛද්‍ය බළකායේ කණ්ඩායම් සහිත රථ 10 ක් යෙදවීමට නියමිත බවත් හමුදාපතිවරයා පැවසීය.

එසේම 1906 සහ 0112860002 යන ක්‍ෂණික ඇමතුම් අංක ඔස්සේ කොවිඞ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගැනීම සඳහා ලියාපදිංචි විය හැකි බව ද යුද හමුදාපතිවරයා කියා සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩසටහන ක‍්‍රියාත්මක කරන බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර සහ දිලංක ගුණතිලක

 

advertistmentadvertistment
advertistmentadvertistment