ශ්‍රී ලංකාවේ භාවිතා කරන දුම්වැටිවලින් 21%ක් නීතිවිරෝධී ඒවා

195

පර්යේෂණ බුද්ධි ඒකකය කියයි

ශ්‍රී ලංකාවේ භාවිතා කරන දුම්වැටිවලින් සියයට 21ක් නීති විරෝධී ලෙස භාවිතා කරන ඒවා බව පර්යේෂණ බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

‘කොවිඩ් 19’ වසංගතයෙන් බලපෑමට ලක්වූ අසාමාන්‍ය ආර්ථික හා සමාජීය තත්ත්වය තුළ පර්යේෂණ බුද්ධි ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදී මේ බව හෙළිදරව් වී ඇත.

නීති විරෝධී නිෂ්පාදන සඳහා දැඩි ඉල්ලුමක් පවතින බව පෙන්නුම් කරමින් ‘කොවිඩි 19’ වසංගතයට පෙර වසරවල් ඇතුළු පුළුල් කාලසීමාවක දී දීපව්‍යාප්ත පුද්ගලයන්ගෙන් සියයට 56ක් නීති විරෝධී දුම්වැටි නිෂ්පාදන පරිභෝජනය කළ බව පිළිගෙන ඇති බව ද එම සමීක්‍ෂණයෙන් හෙළිකර තිබේ. නීති විරෝධී දුම්කොළ පරිභෝජනය දිගුකාලීන අභියෝගයක් බවත් ප්‍රතිපත්ති සම්පාදකයන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පවසන පර්යේෂණ බුද්ධි ඒකකය එයට පිළියම් නොයෙදුවහොත් රජයට හිමිවිය යුතු ඉතා විශාල ආදායමක් නීති විරෝධී දුම්වැටි ජාවාරම්කරුවන් විසින් කොල්ලකන බව පෙන්වා දෙයි. ජාතික සෞඛ්‍ය අරමුණු සාක්‍ෂාත් කර ගැනීම, ආදායම උපරිම කිරීම සහ නීති විරෝධී දුම්වැටි වෙළෙඳපොළේ වර්ධනය මැඬපැවැත්වීම සඳහා රජය වඩාත් පුළුල් ප්‍රායෝගික දුම්කොළ ප්‍රතිපත්තියක්

අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවත් පර්යේෂණ බුද්ධි ඒකකය සඳහන් කරයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment