මාවුස්සාකැලේ හා කාසල්රී පිටාර මට්ටමේ

71

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම මේ වන විට පිටාර මට්ටමට ආසන්නව පවතී.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියෝන් යන විදුලි බලාගාර 05 සඳහා විදුලිය උත්පාදනයට ප‍්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රි යන ජලාශ දෙකෙනි.

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්නව පවතින අයුරු.

සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

 

advertistmentadvertistment
advertistmentadvertistment